BREAKING NEWSEXCLUSIVE

ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුලු බටහිර කොරෝනා වසංගත සීග්‍රයෙන් ඉහළට

යුරෝපය, ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියානු කලාපයේ කොරෝනා වසංගතය තවදුරටත් පැතිරෙමින් තිබේ.

මේ අනුව ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 9339ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 33546ක් වාර්තා කොට ඇත.

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 39 දෙනෙක් පමණි. එය ඊට පෙර දිනට වඩා අඩු වීමකි .

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට ඊයේ වාර්තා වී ඇත.

දෙවනුව ඉතාලියත් 5560 ක්ද, ස්පාඤ්ඤය 3272 ක්ද, ජර්මනිය 2509 ද, ප්‍රංශය 1559 ක්ද, ස්විස්සර්ලන්තය 612 ක්ද, එංගලන්තය 665 ක්ද, ඕස්ට්‍රේලියාව 537 ක්ද, නෙදර්ලන්තය 573ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත.

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 651 ක් වාර්තා වී ඇති අතර, ස්පාඤ්ඤයේ 391 ක්ද, ප්‍රංශයේ 112ක්ද, ඇමරිකාව 117ක් ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1628 ක් වාර්තා කොට ඇත.

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් 5 දෙනෙක් පමණක් වන අතර මේ වන තුරු කිසිම මරණයක් වාර්තා කර නොමැත. මෙම තත්ත්වය පාලනය කිරීමට විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button