INTERNATIONAL NEWSWEST
කොරෝනා ව්‍යාප්තිය සිතුවාට වඩා දරුණු වෙයි – ඉතාලියේ සියලූ පාසල් වසා දැමේ

නව කොරෝනා වෛරසය මින්පෙර පූර්ව නිගමනය කළාට වඩා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙමින් තිබේ.
චීනය විසින් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කරද්දී ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය ඇතුලු රටවල් ගණනාවක්ම මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වී තිබේ.
මේ වනවිට ඉතාලියේ සියලූම පාසල් වසා දමා තිබෙන අතර ප්‍රසිද්ධ ස්ථානවල සිදුකිරීමට නියමිත උත්සව, දේව මෙහෙයන්, පාපන්දු තරග ඇතුළු සියලූ කටයුතු නවතා දමා ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සේවය අගවන්නේ කොරෝනා වෛරසය ඉතාම බියකරු ලෙස ලොව පුරා සියලූ රටවල් අතර ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවටයි.
මේ වන විට ලොව පුරා රටවල් 75 කින් කොරෝනා ආසාදිතයන් හමුව තිබේ.