BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

රට තුළ පැතිර යන කොරෝනා වෛරස ප්‍රහේදයේ වැඩි බලපෑම තරුණ ප්‍රජාවට – දැඩි නීතිරීති ප්‍රකාශයට පත් කිරීම අද

මේ වනවිට රට තුළ පැතිර යන කොරෝනා වෛරස ප්‍රහේදයේ වැඩි බලපෑම තරුණ ප්‍රජාවට ඇති බවයි සෞඛ්‍ය අංශ දැනටමත් ප්‍රකාශ කර ඇත්තේජනතාව තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය නොකර කටයුතු කරන්නේ නම්, විදෙස් රටවල සේ මෙරට රෝහල් පද්ධතියට රෝගීන්ගේ ධාරිතාවදරාගත නොහැකි වනු ඇති බව IDH රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.  මේ වනවිට රට තුළ පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දුම්පානය කිරීම සහ මත්පැන් පානයකිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බවද එය වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් බව මෙහිදී මහතා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේවනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසන අතර, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 08 පිරී පවතින බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එම රෝහලට තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිංහල අලූත්අවුරුද්දෙන් පසුව එම රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ

මේ අතර මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය, අධි සත්කාර ඒකකය හා ප්‍රධාන පිරිමි වාට්ටුව කොරෝනා ආසාදිතයින්ගෙන්  පිරී ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. එමරෝහලට එලෙස ඇතුළත් කර ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් තරුණ වයසේ පසුවන පිරිමි පුද්ගලයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේමේ අතර මේ වනවිට රටතුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කොරෝනාව්‍යාප්තිය පාලනයට නව දැඩි නීතිරීති ප්‍රකාශයට පත් කිරීමද අද සිදු කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button