BREAKING NEWSEXCLUSIVE

යලිත් කොරෝනා අවදානමක්

සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා ව්‍යාප්තියක දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යෙමු කරමින් එම සංගමය මේ බව සදහන් කළා.

ඒ අනුව යලිත් කොරෝනා ව්‍යප්තියක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් නිර්දේශ 04 ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

දැඩි අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් බලාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, ඒ අතර වනවා.

ඊට අමතරව අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොරෝනා වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම අදාළ නිර්දේශවලට ඇතුළත්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button