BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ – රෝගියා සංචාරක මඟපෙන්වන්නෙක්!

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුව තිබේ.

කොරෝනා හෙවත් කොවිඩ් 19 යැයි සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්. ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වෙනවා.

ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button