BREAKING NEWSEXCLUSIVE

රට පීරමින් මෙහෙයුම් ක්‍රියාත්මකයි – නිරෝධායනය නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට!

විදෙස්ගතව පැමිණ, සැඟව සිටිනා පුද්ගලයන් සොයා රටපුරා මෙහෙයුම් අරඹා තිබේ.

මේ අනුව මෑතකදී දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී ගුවන්තොටුපොළෙන් පැනගොස් සිටි තරුණයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ තම නිවෙස්වල සැඟවී සිටියදී ය. ගුවන්තොටුපලෙන් සහ ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර රජය ඉල්ලා සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ මෙතෙක් නිරෝධායනය නොවූ සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

එලෙස නොපැමිණෙන පිරිස් කොටු කර ගැනීම සඳහා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button