BREAKING NEWSINTERNATIONAL NEWS
කොරෝනා අසාදනය වී ඇති බවට සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් IDH රෝහලට [Breaking News]

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර ඇත.
ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා චීන ජාතික කාන්තාවක් එසේ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මේ වන විට සිව් දෙනෙකු රෝහල් ගත කර ඇත.
චීනයේ අධ්‍යාපනය ලබමින් සිට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක් පසුගිය සිකුරාදා රෝහල්ගත කර තිබුණි.
මෙරට සංචාරයක නිරත චීන ජාතික කාන්තාවක්ද ඊයේ රෝහල් ගත කෙරුණු බවයි රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ.
ඔවුන් විශේෂ ප්‍රතිකාර ඒකකයක රඳවා සිටියි.
ඔවුන්ට කොරොනා වෛරසය වැළඳී තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේය.