BREAKING NEWSEXCLUSIVE

කොරෝනා ඇමරිකානු නිෂ්පාදනයක් – චීනය කෙලින්ම කියයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් ප්‍රදේශයට ඇතුළු වූයේ ඇමරිකානු හමුදා භටයින්ගේ මාර්ගයෙන් බවට තමන් විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලීජිඈන්ග් හාඕ චෝදනා කරනවා.

ඇමරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය තොරතුරු වසන්කරන බවටත් ඔහු මෙහිදී ඇමරිකාවට චෝදනා එල්ල කළා.

මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටෝන් හටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ලොව රටවල් 118 කින් මේ වන විට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4981ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට වෛරසයට ගොදුරු වී ඇති පුද්ගලයින් ගණන එක්ලක්ෂ 35 318 වන අතර 69,645ක් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී සුවය ලබා තිබෙනවා.

ගත වූ පැය 24 ක කාලය තුළ චීනයෙන් වාර්තා වූයේ නව ආසාදිතයින් 8 දෙනෙක් පමණයි.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ දවසේ සිට මේ දක්වා එරටින් වාර්තාවූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට පසුව කොවිඩ් 19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි.

ගත වූ පැය 24 තුළ නව මරණ 189ක් ඉතාලියෙන් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 1016ක් දක්වා ඉහළ ගියා.

මැදපෙරදිග කලාපයේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව තිබෙන ඉරානයෙන් මේ වන විට වාර්තාවන කොරෝනා මරණ ගණන 429ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button