BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

පාර්ලිමේන්තුවේ තවත් 25 දෙනෙකුට කොරෝනා..!

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සේවකයන්, පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතූලුව 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වනවා.

කොවිඩ් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සදහන්, පාර්ලිමේන්තු සේවකයෝ 152 දෙනක් රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණවලට යොමු කර ඇති අතර මේ විසි පස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ එම පරීක්ෂණවලදීය.

කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියක්ද කොවිඩ් රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වුනා. ඒ අනුව කොවිඩ් වෛරසය මේ දක්වා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button