BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දරුවන් 45831කට කොරෝනා, 14ක් මිය ගිහින්, දැඩිව ප්‍රවේශම් වන්න.. – සෞඛ්‍ය ඇමතිනී

කොරෝනා වෛරසය  ආසාදනයවූ දරුවන්  45,831ක් මේ දක්වා වාර්තා වී ඇති බවත්, ඉන් වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු  මියගොස් ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

සෞඛ්‍ය ඇමැතිවරිය  මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙසේ කොවිඩ්  ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත්  අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ ජල අතර.

රටේ කොවිඩ් 19 ආසාදිත  දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද  ඇය ප්‍රකාශ කළාය .

මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ  වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද  වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන්  දෙදෙනෙකුද   වන බව  සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button