BREAKING NEWSEXCLUSIVE

ඊබ්‍රාහිම් පවුලේ තඹ කම්හල විමල් යටතට…

මේ වන විට රාජසන්තක කර ඇති “පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ ‘ඊබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි අද(16) සවස නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා..

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරුද එක්ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button