BREAKING NEWSEXCLUSIVE

ජූලි මාසය තුළ සිසුන් සියයට අඩු පාසල් විවෘත කිරීමට අවධානය

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට වසා දමා ඇති පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ආරම්භක පියවරක් ලෙස ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

කොළඹ අද (02) පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් ජූලි මාසය තුළ විවෘත කිරීමටත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමටත් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කිරීමටද නියමිත බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button