අගමැති මහින්දගේ ආප්ප කතාවකට මෛත්‍රීගේ හිත රිදෙයි – විමසූ විට මහින්දගෙන් සැර උත්තරයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් පසුගිය දින සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන සිත් තැවුලට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රීලනිපය අතර සංධානයක් ඇතිවූ අතර එම සන්ධානයේ සභාපතිධූරයද මෛත්‍රීපාල සිරිසේනට ලබා දුන් පසුවත් මෛත්‍රීපාල සිරිසේන 2014දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ආප්ප කා පලායාම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළා.
පසුව මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත පළ කර තිබු අතර දයාසිරි ජයසේකර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාව දැනුවත් කර තිබුණා.
එහිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්වරයෙන් පිළිතුරු දී ඇත්තේ,
“අපි හරි අමාරුවෙන් මෙතුමා ඡන්දෙටත් දැම්මේ. අපේ මිනිස්සු එයා එක්ක කොක්කෙ ඉන්නේ. මම යන යන තැන ආප්ප කතා කිය කිය මිනිස්සු විතරක් නෙවෙයි ගෑනු අයත් මට බරබරේ දානවා. ඒ හින්ද ඔය කටින් ලිස්සල යන වචන ගැන නොසිත ඡන්දෙ කරන්න කියන්නකො.” යනුවෙනි.