BREAKING NEWSEXCLUSIVEPOLITICS

සතොසෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී තිබූ කොන්දේසි ඉවතට.

සතොස අලෙවිසැල්වලින් ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී පනවා තිබූ කොන්දේසි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලා.

අද සිට සහල් සහ සීනි මිලදී ගන්නා විට වෙනත් භාණ්ඩ මිලදී ගැනීම අනිවාර්ය නොවන බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයට පිළියම් ලෙස සහල්, සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩද මිලදී ගත යුතු බවට මීට පෙර කොන්දේසියක් පනවා තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button