BREAKING NEWSEXCLUSIVE

ඥානසාර හිමි පාර්ශවයෙන් රතන හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමිට විරුද්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජන බල පක්‍ෂයේ නායකයා විසින් යක්කල පොලිසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇත. ඔහු එමගින් කියා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන තමන්ගේ බලතල ව්‍යාජ ලිපි ලේඛන මගින් රතන හිමියන් අයුතු ලෙස භාවිතා කර ඇති බවයි.

අතුරලියේ රතන හිමි ගම්පහ දිස්ත්‍රික් නායක නොවන බවත්, නමුත් රතන හිමි එලෙසට පෙනී සිට ඇති බවත් පැමිණිලිකරු සඳහන් කරයි. එමෙන්ම දැනට සැඟවී සිටින පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි සමග රතන හිමිට ගිවිසුමක් ඇතැයි ප්‍රකාශ කලද පක්ෂයේ අනු දැනුමින් තොරව එවන් ගිවිසුම්වලට එළැඹිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

අතුරලියේ හිමියන් ගිවිසුම්ගත වූයේ නම් ඒ නීත්‍යානුකූල නොවන එකක් විය හැකි බවද ඔහු පැමිණිල්ලෙන් කියා සිටී.

සබැඳි පුවත් :

මන්ත‍්‍රීකම ඉල්ලා ගලබොඩඅත්තේ හිමි මා මරන්න එලවනවා, රතන හිමිත් මා ලුහුබදිනවා – මහ ලේකම් හිමි

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button