BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොළඹ එන්නත්කරණය පිළිබඳ බුද්ධි අංශ සීරූවෙන්..

කොළඹ මහ නගර සභාවේ මූලිකත්වයෙන් සිදු කරන කොරෝනා එන්නත්කරණ වැඩ පිළිවෙල පිළිබඳ රජයේ බුද්ධි අංශ අවදානය යොමුව තිබෙනවා.

ඒ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක විසින් සිය බලය අවභාවිතා කරමින් සිදු කළ කොරෝනා එන්නත් සොරකමක් පිළිබඳව වාර්තා වීම සමගයි.

මින්පෙර වාර්තා වූයේ කොළඹ නගර සභාව මුල් කරගෙන සිදු කළ එන්නත්කරන වැඩසටහන් වලදී දහස් ගණනින් එන්නත් අතුරුදහන් වී ඇති බවයි. පසුව වෛද්‍යවරුන්ගේ සාක්ෂි අනුව හෙළිවූයේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක විසින් එම එන්නත් හොරකම් කර සිය හිතමිතුරන් සහ දේශපාලන ආධාරකරුවන්ට ලබා දී තිබෙන බවයි.

තවද කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක විසින් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවේ එන්නතක් රුපියල් 10,000ක මුදලකට ප්‍රමුඛ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ පවුලේ සමාජිකයන්ට විකූණා තිබෙන බවත් චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන් කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල නිරීක්ෂණයට බුද්ධි අංශය කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

හෙට දෙන කොළඹ නගර සභාව මගින් වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වැඩසටහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනත් රාජ්‍ය බුද්ධි අංශය විසින් දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවටද වැඩි දුරටත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button