BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ඉතිහාසය අළුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 9,500 ඉක්මවා යයි.

කොළඹ ‌කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේදී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව අභිබවා ගොස් තිබෙනවා.

දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා වනවා.

ඊයේ දිනයේ දී රු. බිලියන 3.62 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 568.93 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 498.22 ක් හා RIL ප්‍රොපටීස් රු. මිලියන 367.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩිදායකත්වයක් ලබා දීමට සමාගම් අතුරින් පෙරමුණේ පසු වුනා.

කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී 40.86% කින් සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button