BREAKING NEWSEXCLUSIVE

වෙළඳපොළෙන් අහඹු පොල් තෙල් පරීක්ෂාවක් – වාර්තා පිටවෙයි

වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ නියැදි 109ක ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය නොමැති බවට තහවුරු වී තිබේ.

ආනයනය කරන ලද පොල්තෙල් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබුණි.

දිස්ත්‍රික්ක 25ම ආවරණයවන පරිදි සාම්පල ලබාගත් අතර එම සාම්පල පරීක්ෂණ සඳහා පොල් පර්යේෂණ අංශය වෙත යොමු කරනු ලැබීය.

ඒ අනුව එම සාම්පලවල ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය අන්තර්ගත නොවන බව තහවුරු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button