BREAKING NEWSEXCLUSIVE

කවදත් දේශීයත්වයට තැන දුන් සම්පත් බැංකුවෙන් සුපිරි වැඩක් – දේශීයත්වයට ගැරහූ චිත්‍රාල් සෝමපාල කනෙන් අල්ලා එලියට දමයි

පසුගිය දිනවලදී මෙරට දේශීයත්වයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කරමින් දිගින් දිගටම ප්‍රකාශ සිදු කළ චිත්‍රාල් සෝමපාලට නිසි අයුරින් පිළිතුරු ලබා දුන් පුවතක් වාර්තා වෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රධාන කරගෙන ක්‍රියාත්මක වන රැඩිකල් N.G.Oකරුවන්ගේ සංගමයේ එක් පුරුකක් වන චිත්‍රාල් සෝමපාලට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය, රණවිරුවන් හා දේශප්‍රේමය පිළිකුල්ය.

සිය කලා නිර්මාණ තුලින්ද මෙම රැඩිකල්බව පෙන්වීමට යන චිත්‍රාල් සෝමපාල පුරුද්දක් වශයෙන් ප්‍රසංග වේදිකාවේද මෙරට සංස්කෘතියට, රණවිරුවන් වැනි දේට අපහාස කරයි.

ඊයේ රාත්‍රීයේ සම්පත් බැංකුවේ පැවැති වර්ෂ අවසාන ප්‍රසංගයකදීද ගායකයෙකු ලෙස සහභාගී වූ චිත්‍රාල් සෝමපාල වේදිකාවේ සිටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රණවිරුවන්ට අපහාස කර තිබේ.

මෙහිදී සම්පත් බැංකු කාර්ය මණ්ඩලයෙන් චිත්‍රාල් සෝමපාලට එල්ලව ඇත්තේ දැඩි විරෝධයෙකි. වහාම ක්‍රියාත්මක වූ සම්පත් බැංකුවේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් චිත්‍රාල් සෝමපාල වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ සම්පත් කාර්ය මණ්ඩලයේ හූ හඬ මැදය.

සම්පත් බැංකුව සැලකෙන්නේ මෙලෙස දේශීයත්වයට හා සංස්කෘතිය සමග බැදුනු දේශීය බැංකුවක් ලෙසය. බොහෝ බැංකු වල ක්‍රියාත්මක ඉස්ලාම් හලාල් බැංකු ක්‍රමය නොමැති එකම පෞද්ගලික බැංකුව වන්නේද සම්පත් බැංකුව වීම විශේෂය.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button