BREAKING NEWSEXCLUSIVE
අයි.ඩී.එච් හි ප්‍රථිකාර ලබා කොරෝනා සුව වූ චීන කත රෝහලෙන් පිටවේ!

නව කොරෝනා රෝගය වැළදීමෙන් අංගොඩ උණ රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් පිටව ගියා.
මෙම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු අංගොඩ පිහිටි උණ රෝහලට ඇතුලත් කර තිබිණි.
ඉන්පසුව අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබා ඇය සුව වූ අතර ඒ බව ප්රත්යක්ෂයෙන්ම තහවුරු කර ගත් පසුව ඇය නිදහස් කිරීමට මෙරට බලධාරීන් කටයුතු කළා.
ඇය රෝහළෙන් පිට වූයේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ට විශේෂ ස්තූතියක්ද පිරිනමාය.