GOSSIP NEWSVIRAL NEWS
විකල්පයක් නැතිලු – තවමත් චීනයෙන් මෙරටට ආහාර පාන, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙන්වීම ගැටලුවක්

ශ්‍රී ලංකාවට ආහාර පාන, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මෙන්ම නොයෙකුත් ආනයනික භාණ්ඩ 75%ක් පමණ ගෙන්වන්නේ චීනයෙන් වීම ගැටලූවක් වී තිබෙනවා.
ඒ මේවන විට චීනයේ සීග්‍රයෙන් පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරසය එම ආනයනික භාණ්ඩ මගින් මෙරටට පැමිණීමේ ඉඩක් පැවතීම හේතුවෙනි.
එම ආනයනික භාණ්ඩ ගෙන්වීමට වෙනත් විකල්ප ආනයනික රටක් නොමැති වීමද ගැටලුවක් වී තිබේ.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට චීනයේ සිට ගෙන්වන ආහාරපාන පිළිබදවද දැඩි පරීක්ෂාවක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
තවද කටුනායක ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණෙන ගුවන් මගීන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීම සදහා ස්කෑනර් යන්ත්‍ර 4 ක්ද ගුවන් තොටුපොලේ ස්ථාපිත කර ඇති බවත් වාර්තා වේ.