චීන හමුදා ආගමන භීතිකාවට කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි

චීන හමුදාවේ නිළ ඇඳුමට සමාන ඇඳුම් හැඳගත් චීන ජාතිකයින් පිරිසක් තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටීමේ පුවත පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා .
ශ්‍රී ලංකාව චීනයේ විජිතයක් බවට පත් වනු ඇතැයි යන බිය පවතින කාලයක තිස්ස වැව හැරීම හා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට හමුදා ඇඳුම් ඇඳගත් චීන ජාතිකයින්ම සම්බන්ධ වීම පිළිබඳව විමසමින් එහිදී මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළ කළා.
“මෙරට වාරිමාර්ග පිරිසිදු කිරීම සඳහා හවුල් ව්‍යාපාරයක නියැලී සිටින චීන හමුදාව” මැයෙන් රූපවාහිනි නාලිකාවක් හරහා එම මතභේදාත්මක පුවත ඊයේ විකාශය කිරීමත් සමඟ එයට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් හරහා ඒ වෙත ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව ” අසත්‍ය හා කරුණු පරීක්ෂා කිරීමකින් තොරව පුවත් වාර්තා කිරීම මාධ්‍යයක විශ්වාසනීයත්වයට හානි පමුණුවන බවත්, එම ඇඳුම් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන අලිබබා වෙතින් ලබා ගත් ඇඳුම් කීපයක් පමණක් ” බවත් ඔවුන් Twitter හරහා ප්‍රකාශ කර තිබෙනවා.