“චීනය, ඇමෙරිකාව, රුසියාව, ජපානය” ජනපති ගෝඨාභය හමු වීමට ලෝක බලවතුන් පෝළිමේ ලංකාවට එයි

ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී වැදගත් කරුණු රාශියක් සාකච්ඡා ලෝකයේ ප්‍රධානතම බලවතුන් තිදෙනා සිය නියෝජිතයන් මෙරටට එවා තිබේ.
මේ අනුව ඇමෙරිකාව, චීනය හා රුසියාවේ මෙන්ම ජපාන නියෝජිතයෙක්ද ඊයේ දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ සාකච්ඡා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන විදේශ අමාත්‍ය වැන්ග්, රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් සහ ජපාන ස්වදේශ කටයුතු අමාත්‍ය කොසෝ යමමොතෝ යන නියෝජිතයන් ඊයේ ජනපති ගෝඨාභය හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ සුභාශිංෂන රැගෙන මෙරටට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් සැසියේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනා බවයි.
චීන විදේශ අමාත්‍ය වැන්ග් මහතා එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබෙන්නේ ජාත්‍යන්තර අත පෙවීම් වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමටයි.
ලෝක බලවතුන් තිදෙනාම පැය 24ක් තුල ශ්‍රී ලංකාවට සිය නියෝජිතයන් එවීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මාධ්‍යයේද අවදානය දිනාගෙන තිබුණි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරටට මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිවීමට හේතුව බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.