EASTINTERNATIONAL NEWS

චීන “ෂූරෝන්“ අගහරු මතට

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටිනවා.

“ෂූරෝන්“ නමැති යානය මෙලෙස චීනය විසින් අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කිලෝග්‍රෑම් 240ක බරකින් යුතු රෝද 6 කින් සමන්විත මෙම “ෂූරෝන්“ යානය සූර්ය පැනල මගින් බලගන්වා තිබෙනවා.

අඟහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ අමෙරිකාව විසිනි.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button