COVID19 - UPDATES

චීන එන්නත සති දෙකකින් ශ්‍රී ලංකාවට

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත සති 02ක් ඇතුළත මෙරටට ගෙන ඒමට හැකි වෙතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා කියා සිටියා. ඔහු කියා සිටියේ “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී ඇති බවයි.

මේ වන විට මෙරට භාවිත කරන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතයි. ඒ අනුව චීන එන්නත හා ඉන්දීය එන්නත එකවර භාවිතයේදී ගැටලු මතුවේදැයි රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button