BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ලංකාවට තවත් කොවිඩ් එන්නතක් චීනයෙන් පරිත්‍යාග කරයි

චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වනවා. මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහායි.
මේ අතර ඊයේ දිනයේදී අලුතින් තවත් කොරෝනා රෝගීන් 2,271 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. එමෙන්ම තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 58,287 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 498,693 ක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button