ARTICLESBREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

දරුවන්ගේ ස්ටාලින් අපලය..

‘ගුරු දෙවිවරු’.. ඒ අප සමාජයේ ගුරුවරු හඳුන්වන හැටිය.ඒ තරම් ගරුත්වයක් දිනා සිටිනා ගුරුවරුන්ගේ නාමයට පවා කැළැලක් වන සිදුවීමක් ඊයේ අප දුටුවේය.

පැතිර යන වසන්ගත රෝග තත්ත්වයකින් රටම පීඩා විදිද්දි ජෝෂෆ් ස්ටාලින් ප්‍රමුඛ පිරිසක් ඊයේ කොළඹ කොටුව වට කර ‘ජෝෂෆ් ස්ටාලින්’ පොකුරකට මුල් ගල තැබුවේය.

රටේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය රීතින් වලට අනුගතව සිටිද්දි රටට පාර පෙන්විය යුතු ගුරුවරුන් හැසිරුනේ ගාල කඩා ගත් අම්බරුවන් රැළක් ලෙසය.

මේ ගුරුවරුන් මෙහෙයවන “ජෝෂෆ් ස්ටාලින්” අපලයේ අවශ්‍යතාවයට සිදුවන දේය.

ජෝෂෆ් ස්ටාලින්ලා වැඩ වර්ජනය කරන්නේ, උදඝෝෂණ වසර 24ක් පැරණි ගැටලුවක් මුල් කරගෙනය.

ඔවුන්ට මේ වැටුප් විෂමතා මතක් වී තිබෙන්නේ වසංගතය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබෙන සමයකය. මින්පෙර යහපාලන රජය සමයේ ඔවුන් වැඩවර්ජන, උද්ඝෝෂණ තබා මීක් කීවෙ නැත.

කෙසේ වෙතත් වත්මන් රජය මෙම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක්ද දමා, ගුරු සංගම් නියෝජිතයන්ට සාකච්ඡාවක්ද ලබා දී තිබේ. ඒ එළඹෙන 27 වනදාය.

ඉතින් ගුරුවරුන්ට වැඩ වර්ජන කිරීමේ, උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැත. සාකච්ඡාවෙන් ඉල්ලීම් දිනාගත හැකිව තිබුණි.

පාසල් නොයන දරුවන්ට, ඔන්ලයින් ඉගැන්වීමෙන් පවා ගුරුවරු ඉවත් වී තිබෙන්නේ එවන් පසුබිමකය.

ගුරුවරුන් ලබා දී තිබෙන සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් නොලැබුනා නම් වැඩ වර්ජන, උද්ඝෝෂණ සිදු කළා නම් සාධාරණය..

නමුත් මේ වනවිට ක්‍රියාත්මක වැඩ වර්ජනයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභායට පෙනී සිටින දරුවන් පවා පත්ව තිබෙන්නේ අසීරුතාවයකටය.

මේ දරුවන්ට වැටී තිබෙනා ජෝෂෆ් ස්ටාලින් අපලයේ ප්‍රතිඵලයි.

අවම වශයෙන් මේ අවස්තාවේ ගුරුවරු පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට හෝ ඉගැන්වීමට පියවර ගත යුතුය.

ගුරු වෘත්තිය වගකීමකට එහා ගිය යුතුකමකි. දරුවන් ගුරුවරුන්ට දෙමාපියන්ට මෙන් ගරු කරන්නේ එබැවිනි.

මේ අවස්තාවේ යුතුකම පැහැර හරින ගුරුවරුන් අහිමි කර ගන්නේ ඒ ගරුත්වයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button