BREAKING NEWSEXCLUSIVE

වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර

කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දෙන බව සදහන් කරයි. යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන ඝන හා දියර කාබනික පොහොර ලබා චීමට මේ වන විටත් කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, යූරියා පොහොර කඩිනමින් ආනයනය කිරීමට කටයුතු සලසා ඇති බව ද පැවසීය.
සමස්ත ලෝකයේම යූරියා පොහොර නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක්, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විටත් රජයට අයත් පොහොර සමාගම් විසින් කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් කළේය.

වගා හානි සඳහා වන්දි ගෙවීම එළඹෙන සඳුදා සිට සිදු කෙරේ.

පොහොර මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පොහොර අලෙවිකරුවන් විසින් අධික මිලගණන් වලට පොහොර අලෙවි කිරීම තුළ ගොවියා අපහසුතාවට පත් වන බැවින් පොහොර අලෙවිය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.එමෙන්ම ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button