BREAKING NEWSPOLITICS

රත්මලාන ගුවන්තොටුපොළේ වෙනසක්

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ,දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේයි.

එමඟින් සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පථ හඳුනා ගැනීමත් සිදුකෙරෙනවා.

මීට අමතරව විවාහ උත්සව ගුවන් ගමන් / ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් / පෞද්ගලික ජෙට් මෙහෙයුම් සහ නාට්‍ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහාද රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට නියමිත බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

එමෙන්ම රත්මලාන ගුවන්තොටුපල තුල ගුවන් මෙහෙයුම් සිදු කිරීමට අපේක්ෂා කරන සමාගම් සදහා විශේෂ සහන ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button