BREAKING NEWSEXCLUSIVE

ශ්‍රීලනිපයේ තීරණයත් සමග චන්ද්‍රිකා රට හැර යයි – දුමින්දගේ තීරණයත් සමග බුද්ධදාසලා තනිවේ

මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග ශ්‍රීලනිප හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක සිය විරෝධය දක්වා තිබේ.

ඒ සමගම චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ක‍්‍රියාත්මක කරවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයද එම තීන්දුවට සිය විරෝධය පළ කර තිබේ.

කෙසේ වෙතත් මෙම තීරණයෙන් පසු චන්ද්‍රිකා කුමාරණතුංග ශ්‍රී ලංකාව අතහැර නැවතත් එංගලන්තයට ගොස් තිබෙනා බව වාර්තා වේ.

ඒ සමග ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ විරෝධි සංවිධායකයන් කිහිප දෙනෙකු ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙතෙක් එජාපයට එක්වීමට සිටි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාත් අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට එක්වීමට තීරණය කිරීමත් සමග මෙම පිරිස හුදකලා වී සිටින බව වාර්තා වේ. පසුගිය දින එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච් බුද්ධදාස ඇතුලු කිහිපදෙනෙක් මෙම සංවිධානයේ සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button