ගෝඨාට එරෙහිව පෙත්සම් ගැසූ චන්ද්‍රගුප්ත තේනුවරගේ හා ගාමිණි වියන්ගොඩගේ කෙරුවාව.!

එජාපයට සම්බන්ධ සුප්‍රසිද්ධ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් දෙදෙනෙක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යොමු කර තිබෙන පෙත්සම කතාබහට ලක්ව තිබේ.
වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ප්‍රංශ පුරවැසිභාවය ලබා ප්‍රංශයේ ජීවත් වී දැන් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනයට සම්බන්ධ වී සිටිනා ගාමිණි වියන්ගොඩ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මේ සමගම චන්ද්‍රගුප්ත තේනුවර ඇදි චිත්‍ර කිහිපයක් සහ ගාමිණි වියන්ගොඩ පුවත්පත් වලට ලියූ තීරූ ලිපි කිහිපයක් කතාබහට ලක්ව තිබේ.
ආබාධිත රණවිරුවෙක් චිත්‍රයට නගා තිබෙනා චන්ද්‍රගුප්ත ආබාධිත රණවිරුවන්ට සිදු කළ අපහාසයත්, පුවත්පතට තීරු ලිපියක් ලියමින් කොටි නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ට රට වසර පහකට ලබා දිය යුතු යැයි පවසා 1998 වසරේ ලක්බිම පුවත්පතට ලියූ තීරු ලිපියකුත් මෙලෙසට කතාබහට ලක්ව තිබේ.
චන්ද්‍රගුප්ත තේනුවර ආබාධිත රණවිරුවෙක් සිතුවමට නගා තිබු අයුරූ,
ගාමිණි වියන්ගොඩ පුවත්පත් වලට ලියූ තීරූ ලිපිය පහතින්,