BREAKING NEWSEXCLUSIVE

චන්දිමාල් ජයසිංහගේ රියදුරු අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රියදුරා අද (02) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම යන කාරුණු හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවය.

පසුගිය දා කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයකට අදාළව චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන අය කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණය මඟින් ඔවුන්ට ඇප ලබාදීමෙන් පසුව චන්දිමාල් ජයසිංහ මහතා තම රථයෙන් ගමන් කිරීමේ දී මාර්ග නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී තිබේ යැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුව අද දිනයේ දී අදාළ රියදුරුවරයා හා රථය පොලිස් භාරයට ගත්බව ද සඳහන් කළේය.

සැකකරු අද (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රු 12,500ක දඩ මුදලක් නියම කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button