BREAKING NEWSEXCLUSIVEPOLITICS
සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන දහසක රජ ගැහිල්ලකට සැරැසුණු චම්පිකගේ හෙළුව!

මාලබේ සිට කොටුව දක්වා කණු මත ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 1000ක් හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ ගෝලබාලයන් යටිමඩි ගසා ගැනීමට ගත් උත්සාහයක් අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවක් මඟින් මෙය හෙළිදරව් කොටගෙන ඇත.
මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා සිදු කළ ශාක්‍යතා අධ්‍යයන කටයුතු සඳහා පමණක් මෙසේ මිලියන 172ක් වැයකර ඇතැයිද හෙළි වී තිබේ. මෙවැනි කෙටි දුම්රිය මාර්ග ඉදිකිරීමේදී කණු මතින් දුම්රිය මාර්ග ඉදි නොකළ යුතු බවද මෙම විශේෂඥ කමිටුව සිදුකළ සොයාබැලීම්වලදී අනාවරණය කරගෙන ඇත. මෙම ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2500ක් වැයවන බවට සඳහන් කර තිබුණද, ඒ සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 1500ක් පමණක් බවද එම විශේෂඥ කමිටුව රජයට දැනුම් දී ඇත.