BREAKING NEWSPOLITICS
රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ, විනිසුරන් ඔහුට දුක කිව්වා විතරයි – රන්ජන් රකින්න චම්පික පෙරට

රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේය කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි.
එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි.
එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය.
උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.