වංචා බෙල්ල මුලටම සිර වෙද්දි චම්පික රටින් පනින්න අවසර ඉල්ලයි

තමන්ට සති දෙකක කාලයකට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මාර්තු මස 4 වන දා ලබාදෙන බවට අධිකරණය දැනුම් දුන්නා.
ඒ, රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවේ ඊට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදියි.
මේ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු වන දිලූම් තුසිත කුමාර දෙවන වරට අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී තමන් සැගව සිටියේ මන්ත්‍රීවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවස තුළ බවට ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.
රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙසයි දිලූම් තුසිත කුමාර නම් කර සිටින්නේ.