BREAKING NEWSEXCLUSIVEPOLITICS
අනුර පිං පොකට් කාරයෙක්! හෙමීට සාක්කු පුරවන් පස්සේ හොරා කියනවා – ස.ජ.බ මන්ත්‍රී චමින්ද විජේසිරි

මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
එදා චන්ද්‍රිකා කුමාරතුංගත් එක්ක දීග කාපු අය මැදක් යන විට පිං පොකට් එක ගහලා සාක්කුවට සල්ලි ටික දාගෙන ඒ ආණ්ඩුවට හොරා කියූ බවත් 2005 දීත් මහින්ද රාජපක්ෂ මහතාවත් බලයට ගෙනවිත් පිං පොකට් ගසා ඒ ආණ්ඩුවටත් හොරා කියා හොරු අල්ලන්න දිවූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එලෙස ඩීල් දැමූ අය නැවත වරක් ඩීල් එකක් දමාගෙන ඇති ආකාරය පෙනෙන්නට ඇති බව විජේසිරි මන්ත්‍රීවරයා කියාසිටියේය.
එම මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඊයේ බණ්ඩාරවෙල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.