BREAKING NEWSEXCLUSIVE

ඇප මුදල් තැන්පත් කිරීම ස්ථිරයි – ගෝඨා වෙනුවට චමල් ජනපතිවරණයට ?

සිවිල් සංවිධාන කිහිපයකින් නඩු පවරා, ජනපතිවරණය අවසන් වන තෙක් මෙරට පුරවැසිභාවය අහෝසි කරමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව සිටිනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට යම් හෙයකින් අතුරු තහනම් නියෝගයක් පැනවුනහොත් ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප අපේක්ෂකයෙකු ලෙසට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් මතුව තිබේ.

මෙම නඩුව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදොස් වනු ඇතත් එතෙක් නඩු විභාගය අවසන් වන තුරු ඔහුගේ පුරවැසිභාවයට අතුරු තහනම් නිකුත් වීමේ අවදානමක් මතුව තිබෙන බැවින් චමල් රාජපක්ෂ මහතාද මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නෛතික බලපෑමක් එල්ල නොවුනහොත් චමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා ඉවත් කර ගැනීමට නියමිතව තිබෙනා බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button