BREAKING NEWSEXCLUSIVE

ජනපතිට අභියෝග කළ නීතිපති දප්පුලට සිතාසි

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම්වරයා උසාවිය ඉදිරියේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම ජනාධිපති කොමිසන් සභාවට අවමන් කිරීමක් වන අතර ඊට හේතු දැක්වීමට මේ මස 11 වැනිදින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති කොමිසන් සභාව ඊයේ (06) නීතිපතිවරයාට සිතාසි නිකුත් කර තිබේ.

ජනාධිපති කොමිසන් සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු කොටසක් හෝ ඉල්ලා සිටීමට ආයතනයකට හෝ පුද්ගලයෙකුට නෛතික හැකියාවක් නැතැයිද එම වාර්තා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තා ලෙස පවත්වාගෙන යායුතු බව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරමින් ජනාධිපති කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කර ඇති නියෝගයේ සඳහන් වේ.

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජනාධිපති කොමිසන් සභාවට ඉදිරිපත් කර තිබූ දේශපාලන පළිගැනීම් සම්බන්ධ පැමිණිල්ලට අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ ලිපිගොනු කිහිපයක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය කොමිසන් සභාවේ ලේකම්වරයාට දැනුම් දී තිබිණි.

කොමිසන් සභාවේ තොරතුරු ලේඛන , හඬපට සහ වීඩියෝ පට ඉදිරිපත් කරන ලෙස බලකරමින් කොමිසන් සභාවේ නිලධාරීන්ට සිතාසි කිරීමට කිසිඳු නීතියකින් හෝ රීතියකින් විධානයකින් බලයක් නොමැති බව ජනාධිපති කොමිසන් සභාව ඊයේ නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button