BREAKING NEWSEXCLUSIVE
ධීවර සංස්ථාවෙන් දැන් uber හරහා මාලු ගෙදරටම…

ලංකා ධීවර සංස්ථාව මගින් ක්‍රියාත්මක වන CEYFISH සහ
Uber ආයතනය සමග එක්ව කොළඹ නාගරික ප්‍රදේශ වලට ගුණාත්මක මුහුදු ආහාර සහ මුහුදු ආහාර නිෂ්පාදන දැරිය හැකි මිලකට බෙදාහැරීම සඳහා වැඩපිළිවෙළක් අද (07) උදෑසන ආරම්භ වුනා..
ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවිය නිවෙස්වලටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, මෙම වැඩපිළිවෙළ ඉදිරි සති කිහිපයේ කොළඹ දිස්ත්‍රික්කය, මීගමුව නගරය, කුරුණෑගල සහ මහනුවර නගර ආවරණය කිරීමටත් සෙසු නගර සහ ප්‍රදේශ ආවරණය කිරීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා එහිදී කියා සිටියා.