විදුලි කප්පාදුව අද සිට – විදුලිය කපනා කාලසටහන මෙන්න

ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි ඉහල පෙලේ ප්‍රකාශකයෙක් සදහන් කරනවා.
මෙය රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙක බැගින් සිදුවන බව ඔහු සදහන් කලේය. මීට හේතුව වී ඇතැයි ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම බවයි.
මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පහත බැස ඇති නිසා විදුලිය ඉල්ලුම සැපිරීමට සිදුව ඇත්තේ තාප බලාගාරවලින් යයිද ඔහු පැවසීය.
විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර ණය මුදලක් හේතුවෙන් කලක පටන් මත ගැටුම් පැවතුනා.
අද දින සිට ඉන්ධන සපයන තෙක් විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙම වෙලාවන් යටතේ යයිද ඔහු පැවසීය.
A – 8.30-10.30
B – 10.45-12.45
C – 12.45-14.45
D – 14.45- 16.45
පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවද කී ඔහු වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇතැයිද සදහන් කලේය.