BREAKING NEWSEXCLUSIVE

කමිටුව පත් කළ සැණින් කැඩුනු බලාගාරය හැදිලා – විදුලි ඉංජිනේරුවන්ගේ තුච්ච වැඩක් මාට්ටුයි!

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වරින් වර කැඩෙන්නට හේතුව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට යයි.

පවතින දැඩි නියඟයට මුවාවී පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ගෙන් වැඩි මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රිය කරන්නේද යන සැකය නිසා මෙම පියවර ගැනීමට නියමිතය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක් ජනනය වන එක් යන්ත්‍රයක් මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කර ඉකුත් මස යළි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළද දින 10ක් තුළ යළිත් එය කැඩී යෑම සැකයට තුඩු දෙන කාරණයක් යැයි ලංවිම ඇතැම් ඉන්ජිනේරුවන් හෙළි කර ඇත.

රුපියල් කෝටි 69ක් මේ නිසා දැනටමත් පාඩු වී තිබෙන අතර වරින්වර නොරොච්චෝල බලාගාරය කැඩී යෑම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කිරීමට තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24දා) පැවැති පුවත්පත් සාකච්ඡාවක් අතරතුර ඇමැති බන්දුල ගුණවර්ධන මහතාද කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ සෙවීමට විශේෂ කණ්ඩායමක් පත් කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ආරංචිය සල වූ සැනින් හදිසියේම කැඩුණ බව කියන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක යන්ත්‍ර කඩිමුඩියේ යළි පද්ධතියට සම්බන්ධ කිරීමට ලංවිම කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංවිම ඉන්ජිනේරු සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතාද කියා සිටියේ බලාගාරයේ ලිහිසි තෙල් වෑස්සීමක් තිබූ බවත්, එය සකසා අද (25දා) වන විට යළි බලාගාරයේ විදුලි ජනන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙරට විදුලි අර්බුධයක් ඇතිවන සෑම අවස්ථාවකම රජය විදුලිය මිලට ලබා ගන්නේ පුද්ගලික බලාගාර වලින්. රුපියල් බිලියන දහස් ගණන් විශාල මෙම ගණුදෙනු සිදු කිරීමේදි හැරි ජයවර්ධන ආදි ශ්‍රී ලංකාවේ ධනවත්ම විදුලි බලාගාර හිමියන් රජයේ අමාත්‍යවරුන්ගේ සිට විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් දක්වා කෝටි ගණනින් අල්ලස් ලබා දේ.

පසුගිය දිනවල ඛණිජ තෙල් හිගයක් පෙන්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවන් තීරණය කර ඇත්තේ මෙලෙසට සිදුවූ කුමන්ත්‍රණයක් අනුව බවද හෙළිවෙමින් තිබේ.

එනම් පුද්ගලික බලාගාර හිමියන්ගෙන් අල්ලස් ලබා ගෙන, නොමැති විදුලි අර්බුධයක් මවා පෙන්වා හදිසි මිලට ගැනීම් ලෙසට පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගැනීම සැලසුම වී තිබුනි. මේ සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරුවන් කිහිපදෙනෙකුට පෞද්ගලික විදුලි බලාගාර හිමියන් කිහිප දෙනෙක් එක්වී අල්ලස් ලබා දී තිබෙන බවත් මේ වනවිට හෙළිව තිබේ.

මෙම තත්වය දුරදිග ගොස් මේ වනවිට විදුලි ඉංජිනේරුවන් විසින් නඩත්තු කටයුත්තක් යැයි කියමින් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමද නවතා තිබූ බවද වාර්තා වේ.

එමගින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙගා වොට් 300ක් ජාතික විදුලි ජනන පද්ධතියෙන් ඉවත් කිරීමටද කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබේ. මෙය පැහැදිලිව විදුලි අර්බුධයක් මවා පුද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගැනීමේ සැලසුමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button