BREAKING NEWSEXCLUSIVE
මෛත්‍රීත් පැමිණි පොහොට්ටුවට චන්ද්‍රිකාත් කිට්ටු කරයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ඇතුලු ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමත් සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් බිහිකර ඇති නව සන්ධානයට විරෝධී නොවන ස්ථාවරයක කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත හිටපු ජනපතිවරිය මෙම තීන්දුව ලබා ගෙන තිබෙන බවත් සඳහන්.
පසුගිය දිනවලදී දේශපාලනය පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංගගෙන් මාධ්‍ය විසින් විමසද්දී ඒ ගැන අදහස් පල නොකර සිටින්නටද ඇය කටයුතු කිරීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපතිනිය පසුගිය නිදහස් දිනය වෙනුවෙන් පැවති නිදහස් උත්සවයටද ලැබුණු ආරාධනාව පිළිගෙන එයට සහභාගී වූවාය. ඒ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා නිදහස් උළෙලට සහභාගී නොවූ පසුබිමකය.