BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSUncategorized

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාංකික සම්භවයක් සහිත තරුණිය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

34 හැවිරිදි කැසන්ඩ්‍රා ප්‍රනාන්දු 1999 වසරේ සිය දෙමව්පියන් සමග ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් තිබෙන්නේ.
ආහාර සැකසුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ඇය සමාජ ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කල තරුණියක්..

මෙරටදී උපත ලැබූ කාන්තාවක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඇය කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 10,408ක් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 57.7% ක් වේ.

මෙම මැතිවරණයෙන් ඕස්ට්‍රේලියාවේ බලයේ සිටි ලිබරල් පක්ෂය පරාජය කොට බලය ලබාගැනීමට කම්කරු පක්ෂයට හැකිවිය. මේ අනුව ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා වන්නේ Anthony Albanese.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button