BREAKING NEWSEXCLUSIVE
ඇමතුම් හෝ අන්තර්ජාල ගාස්තු ඉහළට?

පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ තවත් මිල ඉහළ යාමක් පිළිබදව වාර්තා වේ.ඒ, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු වේ.
තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීම පිළිබදව දුරකථන සමාගම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවයි.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ එලෙස ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා ඇත.දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි.