BREAKING NEWSEXCLUSIVEPOLITICS

දයාගේ සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය අහෝසි කරයි…

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් ප්‍රමාදකළ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුන්ට අවවාද කළද එය දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මෙම තීරණය ගත් බවයි විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.

මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී ඉදිකිරීම් ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button