BREAKING NEWSEXCLUSIVE
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්, විමල් සහ ගම්මන්පිල ඉවතට..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබෙනවා.
ඒ අනූව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුව තිඛෙනවා.
ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ ගාමිණි ලොකුගේ මහතායි.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිඛෙනවා.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන හා එස් බී දිසානායක යන මහත්වරුන්ටද නව අමාත්‍යධුර හිමිවනු ඇතැයි සදහන්.