BREAKING NEWSPOLITICS

හරිත සමාජ – ආර්ථික ‍රටාවක් උදෙසා ජනපතිගේ යෝජනා 20කට කැබිනට් අනුමැතිය

දේශගුණික විපර්‍යසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ – ආර්ථික ‍රටාවක් උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල යෝජනා 20 සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනූව වහාම ක්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් වන අතර කාබනික පොහොර නිශ්පාදනයට මූල්‍ය ආධාර ලබාදීමද සිදු වෙනවා.

ඒත් සමගම කටු පොල් වගාවා ක්‍රමයෙන් ඉවත් කර එම ඉඩම් වලට රබර් සහ ජල පෝශිත වශාවන් හදුන්වාදීමත් , විශේෂයෙන්ම වන ඝනත්වය වැඩි කිරිම සදහා රක්ශිත වනාන්තරවල පදිංචි පිරිස් ඉවත් කර සුදුසු වෙනත් සථාන වල පදිංචි කර එම වනාන්තර වල ඝනත්වය වැඩි කිරිමටත් පියවර ගැනේ..
තවද ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ඇතුලු යෝජනා 20ක් සදහායි මෙසේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ පිලිබද දැනුවත් කිරීම සදහා ඊයෙ (28) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම තුලින් කෘෂිකර්මාන්තයත් වැවිලි ක්ශේත්‍රයත් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් මුදවාගැනීමට අපේක්ෂා කරන බවයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button