BREAKING NEWSEXCLUSIVEPOLITICS

සුඛෝපභෝගී රථ වෙනුවට අත්‍යාවශය කටයුතු සඳහා වාහන 164ක් සදහා කැබිනට් අනුමැතිය..

අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත්ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ටොයෝටා හයිඒස් වර්ගයේ ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසන් 52ක්, ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථ 62ක් පිළිවෙළින් ජපන් යෙන් 206,757, 500, ජපන් යෙන් 239,999,968ක් හා ඇමෙරිකානු ඩොලර් 1,801,456ක මුදලක් වැය කරමින් මිලදී ගැනීමට නියමිත බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button