BREAKING NEWSEXCLUSIVE

බොරතෙල් සහ ඩීසල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් හාරලක්ෂ පනස් දහසක තොගයක් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් ලබන ජූලි මාසය දක්වා සපයා ගැනීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය බොරතෙල් බැරල් හාරලක්ෂ පනස් දහසක තොගයක් සපයා ගැනීමටයි කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණේ. ඒ බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මේ අතර ඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතලිස් දහස බැගින් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශ සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් සැපයීමට එම සමාගම එකඟතාව පළකළා. එකී තෙල් තොගය මිලදී ගැනීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button