BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී පාද රක්ෂිතයේ ලැවු ගින්නක් (Breaking News)

හැටන් වන අඩවි කාර්යාලයට අයත් බගවන්තලාව කිවු වත්තට ඉහලින් වු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද(08) දහවල් 12 ට පමණ කිවු වත්ත මායිමෙන් හටගත් ගින්න ශ්‍රි පාද රක්ෂිතයට අයත් කිවු වත්ත රක්ෂිතය දක්වා පැතිර ගොස් තිබෙනා බව බගවන්තලාව පොලිසිය පවසනවා.

පැතිර යමින් පවතින ගින්න බගවන්තලාව පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන් සහ වන අඩවි කාර්යයාලයේ නිලධාරින් එක් ව පාලනය කිරිමට පියවර ගෙන තිබේ.

කිසියම් පිරිසක් කිවු තේ වත්තේ ඉඩමකට තැබු ගින්න පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරියෙකු පැවසුවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button